🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

ඒ.ටී. ආරියරත්න පුණ්‍යභාරය

ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් විසින් 1994 දෙසැම්බර් 24 වැනි දින ඒ.ටී. ආරියරත්න පුණ්‍යායතනය ආරම්භ කරන ලද්දේ ධර්මය මත පදනම්ව මෛත්‍රිය හා අවිහිංසාව භාවිතා කිරීම වෙනුවෙන් ජපානය ඔහුට ප්‍රදානය කළ නිවානෝ සාම ත්‍යාගයේ මුළු මුදලම පරිත්‍යාග කිරීමෙනි.

මධ්‍යස්ථානයේ ආරම්භයේ සිටම ආචාර්ය ආරියරත්නයන්ගේ අභිප්‍රාය වූයේ මධ්‍යස්ථානය ස්වයංපෝෂිත කිරීම මිස බාහිර අරමුදල් මූලාශ්‍ර මත ආයතනයේ යැපීම නොවේ. නිවානෝ සාම ත්‍යාගයෙන් ලැබුණ ආදායම භාරයේ ප්‍රාග්ධනයේ ප්‍රධාන අංගය බවට පත් වූ අතර භාර ඔප්පුවට අනුව ප්‍රාග්ධනය ප්‍රයෝජනයට නොගත යුතු අතර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පොලියෙන් 75% ක් පමණක් යොදා ගත යුතු ය. පොලිය 25% ක් ප්‍රාග්ධනයට බැර කළ යුතුය. ආචාර්ය ඒ.ටී. ආරියරත්න සහ ඔහුගේ සේවාවන් මහත් සේ අගය කළ, ඒ.ටී ආරියරත්නගේ දිගුකාලීන මිතුරෙකු වූ ආචාර්ය ස්ටීව් නේෂන්ස් මහතා සිය බිරිඳ වන දිවංගත ජෑන් නේෂන්ස් මහත්මිය සිහිපත් කිරීම සඳහා 2007 ප්‍රදානය කළ මුදලින් භාරකාර අරමුදල් ප්‍රාග්ධනය ශක්තිමත් විය.

Back to Top