🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

සාම පුස්තකාලය

මුලින්ම ඇමරිකාවේ ඇට්ලැන්ටා හි මාටින් ලූතර් කිං සාම පුස්තකාලයෙන් පොත් හා වාර සඟරා 2,000 ක පරිත්‍යාගයක් සහිතව සාම පුස්තකාලය පිහිටුවන ලදී. ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා එම පොත් එකතුවට එකතු කිරීම සඳහා තමාගේම පුස්තකාලයක් ද පරිත්‍යාග කළ අතර ඔහුගේ පෞද්ගලික මුදලින් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය තවදුරටත් පරිත්යාකග කළේය. පෝල් ප්‍රනාන්දු මහතා සහ නීතා ආරියරත්න මහත්මිය විසින්ද පොත් පරිත්‍යාග කර ඇති අතර ඒ. ටී. ආරියරත්න පුණ්‍යායතන භාරයේ මුදලින් තවත් පොත් මිලදී ගෙන ඇත.

පොත් රාක්ක තැනීම සඳහා ආසියා පදනම අරමුදල් සපයා ඇත. වර්තමානයේ පුස්තකාලයේ දර්ශනවාදය, ආගම, ස්වයං චරිතාපදාන, සමාජ විද්‍යාව සහ සාහිත්‍යය ආවරණය වන විවිධ ප්‍රභේදවල පොත් සහ වාර සඟරා 4,000 ක් පමණ ඇත. පොත් වර්ගීකරණය කර දර්ශකයක සටහන් කර තිබේ. ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් විසින් රචිත පොත් එකතුවක් සහ ඡායාරූප ද පුස්තකාලයෙහි ඇත.

Back to Top