🇱🇰 English | සිංහල | தமிழ் — Call Us: +(94)112655653 / +(94)777655396 - E-mail

ඉතිහාසය

1968 සැප්තැම්බර් 11 වැනි දින ගාන්ධි සියවස් සැමරුමට සමගාමීව ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් විසින් එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර අතිගරු විලියම් ගොපල්ලව මැතිතුමා වෙත මහත්මා ගාන්ධිතුමාගේ ශේෂ්ඨ සේවය සැමරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කළේය. එම යෝජනාවේ එක් කරුණක් වූයේ සර්වෝදය ආශ්‍රමයක් පිහිටුවීමයි.

මෙය මුදුන්පත් වූයේ 1999 දී ආධ්‍යාත්මික කටයුතු සඳහා කැප වූ එහෙත් සමාජ සංවර්ධනයට බෙහෙවින් සම්බන්ධ වූ විශ්ව නිකේතන් ජාත්‍යන්තර සාම නිවහන ආරම්භ කළ පසුය.

සර්වෝදය මූලස්ථානයට සමීපව විශ්ව නිකේතනය ආරම්භ කරන ලද අතර එයින් අදහස් වූයේ සර්වෝදය සමඟ සේවය කරන අයට අධ්‍යාත්මික ශක්තියක් ලබා දීමයි. එදිනෙදා වැඩ කටයුතු වල නිරත වන්නන්ට තම ජීවිතය හා තම පවුල් රැක බලා ගන්නා අතර ඔවුනට අවශ්‍යවන විවේකය ඈ;ත ආරාම කරා නොගොසින් ම විශ්ව නිකේතනයේදී සලසා ගත හැකි වේ. එම නිසා විශ්ව නිකේතන් තුළින් භාවනාව ඉගෙන ගැනීමට සහ භාවනා සැසි වලට සහභාගී වීමට මෙන්ම එදිනෙදා ජීවිතයේ ඔවුන් කරන ඕනෑම දෙයකට අධ්‍යාත්මික ශක්තිය එක් කිරීමට බොහෝ පහසු වන නිසල හා සන්සුන් ස්වාභාවික පරිසරයක් ලබා දේ.

Back to Top