දයා මුතුකුමාරණ මහතා
දයා මුතුකුමාරණ මහතා බොහෝ කීර්තිමත් වාණිජ බැංකු වන HNB, Pan Asia සහ ක්ෂුද්‍ර මූල්‍ය සහ විශාල මූල්‍ය ආයතන වන Asia Capital PLC iy Asia Asset Finance PLC ආදියෙහි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරී, වැනි ජ්‍යෙෂ්ඨ විධායක තනතුරු දැරූ සුදුසුකම් ලත් වෘත්තීය බැංකුකරුවෙකි.
දියත් ආරියරත්න මහතා
දියත් ආරියරත්න මහතා පියර්සන් ලංකා හි සාමාන්‍යාධිකාරී සහ සමාගම් අධ්‍යක්ෂවරයා වේ. ඔහු Virtusa සහ Peason වැනි ගෝලීය ආයතනයන්ට සේවය කරන අතරම ගෝලීය තොරතුරු තාක්ෂණ උපදේශන සහ මෘදුකාංග නිෂ්පාදන සංවර්ධන ක්ෂේත්‍රයේ දශක දෙකක අත්දැකීම් ඇති මෘදුකාංග ඉංජිනේරු මූලයන් සහිත ජ්‍යෙෂ්ඨ නායකයෙකි.
විශ්ව නිකේතන් කාර්ය මණ්ඩලය
එච්.ඒ.මධුෂාන් ඉදුරංග මහතා
මොහු 1993 – 1995 දක්වා වසර දෙකක පූර්ණ ළමාවිය අධ්‍යාපනය සර්වෝදය පෙර පාසල තුළින් ලබා විධිමත් පාසල් අධ්‍යාපනයට ඇතුළත් වූයේ ය. අ.පො.ස (උසස් පෙළ) වාණිජ අංශයෙන් සමත්ව, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවද, ලන්ඩන් ටෙක් ආයතනයෙන් ග්‍රැපික් ඩිසයින් ඩිප්ලෝමාවද, ජාතික තරුණ සේවා සභාව මඟින් පරිගණක ගිණුම්කරණ ඩිප්ලෝමාවද හැදෑරුවේය.
විශ්ව නිකේතන් පරිත්‍යාගශීලීන්
ගරු කුවාන් සින් හිමිපාණෝ
, ගරු කුවාන් සින් හිමිපාණෝ බෞද්ධ තායිපේ සංවිධානයේ සභාපති සහ ධම්ම වීල් පදනමේ සභාපතිවරයාද වේ. විශ්ව නිකේතන් සාම නිවහන ගොඩනැගීමට උන්වහන්සේ ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය.
ජැකලින් බෙනට් මහත්මිය
ජැකලින් බෙනට් මහත්මිය බෙනට් සහ සමාගමේ නිර්මාතෘවරිය සහ සභාපතිනිය වන අතර විශ්ව නිකේතන් සාම නිවහන ගොඩනැගීමටද, එය පවත්වාගෙන යාමටද විශාල මෙහෙවරක් ඉටුකල දානපතිනියකි.
එල්. එච්. පියසේන මහතා
එල්. එච්. පියසේන සහ සමාගමේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂක ධූරය දරන අතර විශ්ව නිකේතන් සාම නිවහනේ ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීමට නොමසුරු දායකත්වයක් ලබා දුන්නේය.
ස්ටීව් නේෂන් මහතා
ස්ටීව් නේෂන් මහතා ලූෂීස් භාරයේ නිව්යෝක් කාර්යාලය මෙහෙය වන අතර, ඔහුගේ දිවංගත භාර්යාව සිහිකිරීම සඳහා පුණ්‍යභාර අරමුදලට ධන පරිත්‍යාගයක් කරන ලදී.